SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවගේ අරගලය නිරීක්‍ෂණය කරන හමුදාව

තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා දින 17ක් තිස්සේ කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ජනතාව සත්‍යග්‍රහයක නිරතව සිටින අතර, හමුදාව සහ පොලීසිය දැඩි නීරීක්‍ෂණයක යෙදී සිටින බව වාර්තාවේ.

ඊයේ දින සත්‍යග්‍රහය පවත්වාගෙන යන ස්ථානයට ඉහළින් ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් හදිසියෙන්ම වටයක් පියාසර ගිය බවද පැවැසේ. තවද හමුදාවේ ඒකාබද්ධ කුමන්ත්‍රිණයකින් සත්‍යග්‍රහයේ නිරතවන පිරිසට පහරදීමේ උත්සයක්ද ක්‍රියාත්මක වූ අතර ජනතාව විසින් එය මැඩපවත්වා ඇති බව පැවැසේ.

තම අරගලය කඩාකප්පල් කිරීමේ අයුරින් හමුදාව ක්‍රියාත්මක වන බවත්, තම ජීවිතය අහිමිවූවත් තම ඉඩම්වලට යනතෙක් අරගලය පවත්වාගෙන යන බවට එම ජනතාව පවසා තිබේ.