SPORTS

පළමු විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියාව සමග පැවැති පළමු විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුලු පහක තියුණූ ජයක්‌ ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.

කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කළේ ය.

ලකුණු 169ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේ ය. පන්දු 37ක් තුළ හතරේ පහර හතක්‌ සමග ලකුණු 52 ක්‌ ලබා ගත් අසේල ගුණරත්න තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.