SRILANKAN NEWS

රජය කේප්පාපිලවු ජනතාවගේ අරගලය නොසලකා හැරීම හෙළා දකිනවා – යාපනයර රදගුරු

කේප්පාපිලවු ජනතාව පසුගිය දින 18ක කාලයක් අහිංසාවාදී අරගලයක නිරතවූ නමුත්, රජය මේ වනතෙක් නොසැලකිල්ලෙන් සිටීම හෙළා දකින බව යාපනය දිස්ත්‍රික්ක රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් පවසයි.

කේප්පාපිලවු ජනතාවගේ අඛණ්ඩ සත්‍යග්‍රහය සම්බන්‍ධයෙන් යාපනය දිස්ත්‍රික්ක රදගුරු විසින් නිකුත් කළ පුවත් නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

ගුවන් හමුදාව යටතේ තිබෙන පවුල් 84කට අයත් ඉඩම් නිදහස් කරන ලෙස අවධාරණය කර, මුල්ලතිව් කේප්පාපිලවු ජනතාව දින 18ක් තිස්සේ පවත්වාගෙන එන සත්‍යග්‍රහයට මෙතෙක් විසඳුමක් ලබා නොදීම කණගාටුදායකය.

මේ අතර, පුදුකුඩිඉරුප්පු ජනතාව ද පසුගිය දින 16ක් තිස්සේ අරගලයක නිරතව සිටිති. තම ඉඩම් නිදහස් කරන තෙක් සත්‍යග්‍රහය අවසන් නොකරන බවට එම ජනතාව ස්ථීරව සිටීම සාධාරණීය හා යුක්ති සහගත දෙයකි. යහපාලන රජය කඩිනමින් මෙම ප්‍රශ්ණයට විසඳුමක් ලබාදිය යුතු යැයි ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින බව ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් පවසා තිබේ.