SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවගේ අරගලයට සහාය ලබා දෙන බව මාවයි සේනාදිරාජා පවසයි..

කේප්පාපිලවු ජනතාවගේ සාමකාමී අරගලයට සහභාගි වන ලෙස තමිලරසු පක්‍ෂයේ නායක මාවයි සේනාදිරාජා මහතා ඇරයුම් කර තිබේ. ආක්‍රමණයට ලක්වී තිබෙන කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමේ අරගලයට සහාය පළ කිරීමේ අයුරින් මාවයි සේනාදිරාජා මහතා විසින් නිකුත් කළ පුවත් නිවේදනයකදී මේ බව සඳහන් කර තිබේ.

ආක්‍රමණය කළ ඉඩම් නිදහස් කර එහි ජනතාව යළි පදිංචි කරන බවට ජනාධිපතිවරයා සහ රජය පොරොන්දු වී වසර දෙකක් අවසන්වී ඇති බවත්, එමෙන් කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට රජය පියවර ගත යුතුයැයි ඔහු ඉල්ලා තිබේ.

ඉඩම් නිදහස් කිරීමේ අරගලයට සියළු පාර්ශවයන් සහ සිවිල් සංවිධාන එක්විය යුතු යැයි ඇරයුම් කරන බවද සේනාදිරාජා මහතා සිය නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.