SPORTS

විස්සයි විස්ස තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට..

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයත් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවලියේ ජය හිමිකරගෙන තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ගීලොන්හිදී අද (19 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුලු දෙකක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 කදී ලකුණු 173 කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. එහිදී අසේල ගුණරත්න හයේ පහර පහක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 84 ක් රැස් කළේය.

තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ.