SRILANKAN NEWS

අතුරුදන්වූවන්ගේ ඥාතීන් සිය අඛණ්ඩ අරගලය ආරම්භ කරයි..

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් නිදහස් කරන ලෙසත්, ඔවුන් ගැන තොරතුරු හෙළි කරන ලෙසත් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද (20) දින පෙරවරුවේ සිට කිලිනොච්චිය කන්දස්වාමි කෝවිල් පරිශ්‍රයදී අඛණ්ඩ අරගලයක් ආරම්භ කර තිබේ.

අතුරුදන්වූ සිය ඥාතීන්ගේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණ ගණනාවක් පවත්වා තිබෙනවා, දේශපාලකයන්, මැති ඇමැතිවරුන්, පක්‍ෂ නායකයන් ඇතුළු බොහෝ පිරිසක් විවිද අවස්ථාවල පොරොන්දු රැසක් ලබාදුන් නමුත් මෙතෙක් එමඟින් කිසිඳු ප්‍රගතියක් ලැබී නැහැ, සියළු දෙනා විශ්වාස කර අපි රැවටීමට ලක්වී සිටිනවා, නැතිනම් ඔවුන් අපව රවටා තිබෙනවා, එමෙන් ස්ථීර විසඳුමක් බලාපොරොත්තුවෙන් අපි මෙලෙස අරගලයක් ආරම්භ කළ බව අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා සිටිති.

රජය අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුව හෙළි කළ යුතුයි, රජය අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර නීතිය පිළිගත යුතුයි, දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි, අතුරුදන්වූවන් පිළිබඳ රජයේ වගවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කල් දිගුවක් ලබා නොදිය යුතුයි යන සටන් පාඨ ඉදිරිපත් කරමින් ඔවුන් මෙලෙස අරගලයක නිරතව සිටිති.