SRILANKAN NEWS

පරවිපාන්චාන් ජනතාවත් විරෝධතාවය ආරම්භ කරයි..

කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ ජනතාව ද තම ඉඩම් නිදහස් කරන තෙක් අඛණ්ඩ අරගලයක් අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ. අද දින පරවිපාන්චාන් හමුදා කඳවුර ඉදිරිපිට එක්රැස්වූ ප්‍රදේශවාසීන් තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මෙලෙස විරෝධතාවය ආරම්භ කර තිබේ.

හමුදාව යටතේ තිබෙන ජනතාවට අයත් ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මීට පෙරද ප්‍රදේශවාසීන් විසින් විරෝධතා ගණනාවක් පවත්වා තිබූ නමුත් පරවිපාන්චාන් ප්‍රදේශයේ සම්පූර්ණ ඉඩම් මෙතෙක් නිදහස් කර නොමැත. පරවිපාන්චාන් ඉඩම් නිදහස් කරන බවට දේශපාලකයන් සහ නිළධාරින් පොරොන්දු රැසක් ලබාදුන් නමත් එය කිසිවක් ඉටුනොකිරීම හේතුවෙන් සිය ඉඩම් නිදහස් කරනතෙක් අඛණ්ඩව අරගලයක නිරතවන බව එම ජනතාව පවසා තිබේ.