SRILANKAN NEWS

බලය ඇත්නම් ඇමතිවරු 6ක් සහ ලේකම්වරු 11ක් ඉවත් කරනවා – මහාචාර්ය සරත් විජේසූරිය

sarath-wijesooriya_CIවත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු 6දෙනෙකුත් ‍අමාත්‍යාංශ ලේකම්වරු 11දෙනෙකුත් ගෙදර යැවිය යුතුව ඇති බවත් තමන්ට බලයක් ඇත්නම් ඔවුන් ගෙදරයවන බවත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවීමෙන් ශීලාචාර පාලනයක් අපේක්ෂා කළ නමුත් වත්මන් ආණ්ඩුවටද දැන් බරපතල විවේචන ඇති බවත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ගුණ සමරු උළෙලේ දී මහාචාර්ය වරයා මේ බව පැසූ අතර එහිදී අදහස් දැක්වූ ඒ මහතා…

“දවසකට මට දුරකථන ඇමතුම් 10ක් 15ක් එනවා. අහවල් ලේකම් බැසිල්ගේ හිතවතෙක්. අහවල් අතිරේක ලේකම් නාමල් එක්ක බිස්නස් කරපු කෙනෙක්. තාමත් පරණ අයමයි වැඩ කරන්නේ. මේකද යහපාලනේ. මේ වගේ ප්‍රශ්න අහනවා. මම කැමැතියි මට බලයක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලයේ 6 දෙනෙක් අයින් කරනවා. අමාත්‍යංශ ලේකම්වරු 11ක් වහාම ගෙදර යවනවා.

දීර්ඝ කාලයකට පසු ශිලාචාර රාජ්‍ය පාලනයක් සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට ඉඳගෙන තියෙනවා. මම ඇතුළු අප සියලු දෙනාට වත්මන් ආණ්ඩුව පිළිබඳ බරපතල විවේචනයක් තියෙනවා.”