WORLD NEWS

ශ්‍රී ලාංකිකයකු ඝාතනය කල ඉන්දිය ජාතිකයකුට සිර දඩූවම්

මීට සති දෙකකට පෙර මැලේසියාවේ සේවා ස්ථානයේදී සිදු වූ කියන අාරවුලක් හේතුවෙන් තමන් සමඟ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඉන්දියානු කම්කරුවා මැලේසියවේ දී බන්ධනාගාර ගත කිරීමට එරට රජය කටයුතු කර අැත.

එම ඉන්දියානු කම්කරුවා විසින් කොන්ක්‍රීට් කැබැල්ලකින් පහර දී සුමිත් නිශාන්ත සිල්වා නැමති ලාංකිකයා ඝාතනය කර අැති අතර මිය යන විට ඔහු අවු 56 වියේ පසුවී අැත.

අදාළ මරණ පරීක්ෂණ වාර්තාව ලබන 22 අධිකරණය විසින් සලකා බලන බවද වාර්තා වේ.