SRILANKAN NEWS

සියළු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් ආර්ථික ප්‍රගතිය වේගවත් කරනවා – ජනපති

තම රජයේ ප‍්‍රතිපත්තිය සියලුම රටවල් සමග මිත‍්‍රත්වය සහ සහයෝගීතාවය ගොඩනගා ගැනීම තුළින් ආර්ථික ප‍්‍රගතිය වේගවත් කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ අධීක්ෂණ සභාපති ඊදඉ ඨදදාක්එඑැ මහතා ඇතුළු ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩලයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (24) ජනාධිපති නිල නිවසේදී හමු වූ අවස්ථාවේදී ය.

ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

පසුගිය දෙවසර තුළ සම්මුතිවාදී රජයේ ගමන් මග සහ එහි සාර්ථකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයින් අද ශී‍්‍ර ලංකාවේ සංහි`දියා පිළිවෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ සහ ආර්ථික ප‍්‍රතිපත්තීන් ද ඇගයිමට ලක් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශී‍්‍ර ලංකාව අතර ද්වි පාර්ශවික සබඳතා තර කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ශී‍්‍ර ලංකාවේ නව සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නැවත රට තුළ යුද්ධයක් ඇතිවීම වළක්වමින් රට තුළ ගෙන යන සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළ ජනාධිපතිතුමා වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණු වන්නේ රට තුළ සංහිඳියාව ශක්තිමත් කිරීම, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතින් සුරක්ෂිත කිරීම මෙන්ම ආර්ථික සමෘද්ධිය ඇති කරමින් සියලු ජනතාවගේ ජන ජීවිත නගා සිටුවීම බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති බැවින් නෞකා ගමනාගමනය පිළිබඳ පමණක් නොව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහෙවරක් ඇති බව මෙහිදී පැවසූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ශී‍්‍ර ලංකාව සුවිශාල විදේශ ආයෝජන ගිවිසුම් ඇති කර ගැනීමේදී ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබඳවද අවධානයෙන් කටයුතු කරන බව සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාවේ හමුදා නිළධාරින් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලබාදෙන පුහුණු අවස්ථා පසුගිය කාලය තුළ ඇනහිට තිබුණද යළි එම අවස්ථාවන් උදාකර දීම පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා විශේෂයෙන් නාවික ශිල්පීන් සඳහා පුහුණු අවස්ථා ඉහළ නංවා දෙන ලෙස ද ඉල්ලීමක් සිදු කළේය.

ශී‍්‍ර ලංකාවට පැමිණිමට ලැබූ අවස්ථාව වැදගත් අවස්ථාවක් බව මෙහිදී සඳහන් කළ කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයින් ඇමෙරිකා සංචාරයක් අතරතුරදී කොංග‍්‍රස් මණ්ඩලය වෙත ද පැමිණෙන ලෙස ද ජනාධිපතිතුමා වෙත ආරාධනා කළේය.