SRILANKAN NEWS

හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ළග තබා ගන්නා ලද පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ අවට ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ.

හෙරොයින් කිලෝ 1 ක් ලග තබාගන්නා ලද අයෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අැති අතර හෙරොයින් ග්රෑම් 500 ක් ලග තබාගත් තවත් පුද්ගලයෙකු වැල්ලවත්ත ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගෙන අැත.

හෙරොයින් කිලෝ 1 ක් ලග තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පාකිස්ථාන ජාතිකයෙකු බව වාර්තාවේ.

ඔවුන්ව වැඩිදුර ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි.