SRILANKAN NEWS

අගවිනිසුරු ශ්‍රී පවන් විශ‍්‍රාම යයි

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ලබන අඟහරුවාදා (28) විශ‍්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා වන කේ. ශ්‍රී පවන් මහතා හිටපු අගවිසුරු ශිරාණී බණ්ඩාරණායක මහත්මිය අගවිනිසුරුධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව 2015 වසරේ මුල් කාර්තුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා විසින් අගවිනිසුරු ධුරයට පත් කරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසු ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේද කේ. ශ්‍රී පවන් මහතා ඉදිරියේ ය. ශ්‍රී පවන් මහතාගේ උපන්දිනය යෙදී ඇත්තේ මේ මස 29වනදාට වන අතර ඒ නිමෙත්තෙන් ඒ මහතා 28වැනිදාම විශ්‍රා ගන්නා බව වාර්තා වේ.