SRILANKAN NEWS

පරවිපාන්චාන් ජනතාවගේ අරගලය අවසන්, ජනතාව තම නිවස්වලට යති..

කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පසුගිය සඳුදා දින සිට ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරතවූ අතර, ඉඩම් නිදහස් කරන බවට ලබාදුන් පොරොන්දුව මත ඊයේ දින සිය විරෝධතාවය අවසන් කරමින් එම ජනතාව තම නිවස්වලට ගොස් තිබේ.

2008 වසරට පසු ඊයේ දින පළමු වරට තම නිවස්වලට ගිය ජනතාව තම නිවාස සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරතවූහ. තවද ඉකුත් ප්‍රදේශයෙන් හමුදාව ක්‍රමානුකූලව ඉවත්වෙමින් සිටියි.

මෙවැනි තත්වයකදී ලබන සඳුදා දින හමුදාව විසින් ඉකුත් ඉඩම් නිල වශයෙන් දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත භාරදීමට නියමිතය. අනතුරුව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය හරහා එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට ලබාදීමට නියමිත බව ද පැවැසේ.

පසුගිය කාලයේ සිදුකළ විරෝධතාවලදී දේශපාලකයන් සහ නිළධාරින් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් තමන් විසින් ආරම්භ කළ අඛණ්ඩ අරගලයට ලැබුණු ජයග්‍රහණයක් ලෙස මෙය දැකින බව එම ජනතාව පවසා තිබේ.