SRILANKAN NEWS

දෙමළ ජනතාවගේ යහපත පිළිබඳ පෙත්සම එ.ජා. සංවිධානයට..

දෙමළ ජනතාවගේ යහපත පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් පෙත්සමක් සකසමින් සිටින බව උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක සි. තවරාසා මහතා පවසයි.

ඊයේ දින යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තවරාසා මහතා මේ බව පවසා සිටියේය.

මේ සඳහා කණ්ඩායමක් පත්කර ඇති බවත්, ඔවුන් ඉකුත් පෙත්සම සැකසීමේ කටයුතුවල නිරතව සිටින අතර අද දින එම කණ්ඩායම සමඟ වූ හමුවක් ද පැවැත්වීමට නියමිත බව ද හෙතෙම පවසා සිටියේය.

එම පෙත්සමේ කටයුතු අවසන් වූ පසු ලබන 9 වනදා පැවැත්වීමට නියමිත පළාත් සභා සැසිවාරයේදී එය සම්මත කර, ජිනීවා යෑමට සිටින නියෝජිතයකු හරහා සහ සෘජුව ද එය භාරදීමට තිරණය කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.