SRILANKAN NEWS

මුහමාලෙයි ප්‍රදේශයේ සිදුවූ බිම්බෝම්බ පිපිරීමකින් පුද්ගලයකු මරුට

land mind_CIයාපනය, මුහමාලෙයි, කිලාලි බිම් බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයේ සිදු වූ පිපුරුම් සිද්ධීන් දෙකකදී පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තා සේවිකාවක් තුවාල ලබා තිබේ.

පසුගිය 12 වනදා යාපනය කිලාලි ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පත්තිනාදන් සුදාකරන් නැමැත්තා මෙලෙස මිය ගොස් තිබෙන අතර, ඔහුගේ මළ සිරුර ඊයේ 14 වන දින සොයාගෙන තිබේ.

පුපුරණ ද්‍රව්‍ය සොයා එහි වෙඩි බෙහෙත් වෙන්කර විකිණීමේ අරමුණින් ඔහු බිම් බෝම්බ ඉවත් නොකළ ඉකුත් ප්‍රදේශයට පැමිණ ඇති බවට සැක පළකර තිබේ. ඉකුත් පුද්ගලයා මිය ගිය ප්‍රදේශයට ටාස් බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනය කැඳවා අවට තිබී බිම්බෝම්බ 29ක් ඉවත්කිරීමෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර මුදාගෙන තිබේ. එහිදී මිය ගිය පුද්ගලයා ළඟ බිම්බෝම්බ 15ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තිබූ බව සිද්ධිය දුටු පිරිස සඳහන් කරති.

අදාළ පුද්ගලයා අතුරුදහන්වූ බවට පසුගිය 13 වන දින ඔහුගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කිරිමෙන් අනතුරුව ඊයේ දින ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ.

මේ අතර, මුහමාලයි ප්‍රදේශයේ පසුගිය සතියේ සිදුවූ වෙනත් පිපිරුම් සිද්ධියකින් හලෝ ට්‍රස්ට් බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනයෙහි සේවය කරන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි එස්. මහේස්වරි නැමැති කාන්තාව තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.