SRILANKAN NEWS

මුල්ලතිව් මුහුදු සීමාව තුළ ඉන්දිය ට්‍රෝලර් යාත්‍රාවන් පැමිණීම ඉහළ යයි..

පසුගිය දෙදින තුළ අනවසරයෙන් මුල්ලතිව් මුහුදු සීමාවට පැමිණෙන ඉන්දිය ට්‍රෝලර් යාත්‍රාවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මුල්ලතිව් දිස්ත්‍රික්ක ධීවර සමිති සම්මේලනයේ සභාපති අන්දෝනිපිල්ලේ මරියරාසා පවසයි.

80කට වැඩි ට්‍රෝලර් යාත්‍රා මෙලෙස පැමිණ ඇති බවත්, ඊයේ දින ඉන්දිය ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණි පිරිසක් මුල්ලතිව් ධීවරයන් දෙදෙනෙකුගේ දැල් ආම්පන්නද කපාගෙන ගොස් ඇති අතර, මේ සම්බන්‍ධයෙන් මුල්ලතිව් දිස්ත්‍රික්ක ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයා වෙත පැමිණිළි කළ බවද හෙතෙම පවසා තිබේ.

කේප්පාපිලවු සහ පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා අප ජනතාව අරගලයක නිරතව සිටින අවස්ථාවක මුල්ලතිව්හි ප්‍රධාන ජීවනෝපාය රැකියාව වන ධීවර කර්මාන්තට අනතුරු සිදුකරන අයුරින් මෙලෙස ඉන්දිය ට්‍රෝලර් යාත්‍රාවන් පැමිණීම ඉහළ ගොස් ඇතැයි හෙතෙම පවසා තිබේ.

ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මැරීම නතර කිරීම සඳහා මධ්‍යම රජය කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි අන්දෝනිපිල්ලේ මරියරාසා ඉල්ලා තිබේ.