SRILANKAN NEWS

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන විරෝධතාවයට දින අටයි..

කිලිනොච්චිය දිස්ත්‍ර්ක්කයේ අතුරුදන්වූවන්ගේ නිදහස හා තොරතුරු හෙළි කිරීම අවධාරණය කර ඥාතීන් විසින් පවත්වාගෙන යන විරෝධතාවයට අදට දින අටක් අවසන්වී තිබේ. පසුගිය 20 වනදා පෙරවරුවේ කිලිනොච්චිය කන්දසාමි කෝවිල් පරිශ්‍රයදී මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.

යුද්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳව තවඳුරටත් කල් ප්‍රමාද නොකළ යුතු බවත්, වගවීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කල් දිගුවක් ලබා නොදිය යුතු බව පවසා අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවය ආරම්භ කර තිබේ.

වත්මන් රජය බලයට පත්වීමේදී යුද්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු ලබා දෙන බවට ප්‍රකාශ කළ ද බලයට පත් වී වසර 02ක් ගතවී ඇතත් අතුරුදන්වූවන් පිළිබඳ ගැටළුවට මෙතෙක් නිසි විසඳුම් ලබාදී නොමැති බවත්, තමන්ට ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් මෙම විරෝධතාවය පවත්වාගෙන යන බව අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා සිටිති.