SPORTS

ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කැඳවා තිබේ.

බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු 07 දා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතය. හේරත් ගේ නායතක්වය යටතේ පසුගිය වසරේදී සිම්බාබ්වේ පිළිට එරෙහි පැවති තරගාවලියද ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.