SRILANKAN NEWS

යාපනයට එන ජනපතිගේ අවධානය දිනා ගැනීමේ උද්ඝෝෂණයට එක්වන්න – ආනන්දි සසිදරන්

යාපනයේ සංචාරය කිරීමට නියමිත ජනපතිගේ අවධානය දිනා ගැනීමේ අරමුණින් ජනතා උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා සියළු දෙනා එක්වන්නැයි උතුරු පළාත් මන්ත්‍රීනි ආනන්දි සසිදරන් ඉල්ලා තිබේ.

ඊයේ දින යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පවසා සිටියාය.

ජනපතිවරයා යාපනයට පැමිණෙන්නේ හමුදාව ධෛරියමත් කරන්නටය, එක්සත් ජාතීන් මානව හිමිකම් සභාව රැස්වී සිටින මෙම අවස්ථාවේ අතුරුදන්වූවන්, යටත්වූවන් ගැන කිසිඳු වගවීමක් නැහ, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර නැහැ, උතුර නැගෙනහිර ඉඩම් නිදහස් කර නැහැ, මෙවැනි තත්වයකදී ජනපතිගේ යාපනය සංචාරයෙන් දෙමළ ජනතාවට කිසිඳු යහපතක් නැහැ.

එමෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් එක්වී හෙට (4) දින උතුරු පලාත් ආණ්ඩුකාර කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙන්නෙමු, මෙම ජනතා උද්ඝෝෂණයට සියළු දෙනාම සහභාගිවීමට ඉදිරිපත්විය යුතු යැයි ආනන්දි සසිදරන් වැඩිදුරටත් පවසා සිටියාය.