SRILANKAN NEWS

අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල පොලීසියට කැඳවයි

Udaya Gammanpila JHU 3_CIනීතිඥයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (16) උදෑසන කෙසෙල්වත්ත පොලිසිය වෙත පැමිණෙන ලදී.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් 2015 ජනවාරි 11 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකරන ලද ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් වී ඇති බවට නීතීඥ අමිල ඉන්දික මහතා විසින් කෙසෙල්වචත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට නියෝග කර ඇත.

ප්‍රකාශයක් ලබාදී පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා පවසා සිටින ලද්දේ අදාළ මාධ්‍ය හමුවේදී තමන් අධිකරණයට අපහාස වන ලෙස ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

මේ සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේ වීඩියෝ පටය පොලිස් නිලධාරීන් වෙත ලබා දී තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කටයුතු කළ බවත් වත්මන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ලබන පිරිස් කුමන හෝ ව්‍යාජ චෝදනාවක් එල්ල කර අත්අඩංගුවට ගනිමින් දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් අදහස් පළ කරමින් පවසා සිටින ලදී.