SRILANKAN NEWS

කේප්පාපිලවු ඉඩම් නිදහස් කරනු ලැබේ – මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම්

මුල්ලතිව් කේප්පාපිලවු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීම සඳහා වූ මූලික පියවර ගෙන ඇති බව මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් රූපවති කේදීස්වරන් මහත්මිය පවසයි.

කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශයේ ගුවන් හමුදාව යටතේ තිබූ ජනතා ඉඩම් පසුගිය බදාදා දින නිදහස් කර තිබුණි. අනතුරුව කේප්පාපිලවු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන තම ඉඩම් ද නිදහස් කරන්නැයි ඉල්ලා ජනතාව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටිති.

එහි සිටින ජනතාවට අයත් ඉඩම් සම්බන්‍ධ තොරතුරු එක්රැස් කරමින් සිටින බවත්, ඉදිරියේදී එහි වාර්තාවක් හමුදාවට හා ආරක්‍ෂක අමාත්‍යංශයට ලබාදීමට නියමිත බව ද මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම්වරිය වැඩිදුරටත් පැවැසීය.