INDIAN NEWS

රාමේස්වරම් ධීවරයන් කච්චතිව් මංගල්‍ය වර්ජනය කිරීමට තීරණය කරයි..

රාමේස්වරම් ධීවරයන් කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මෙවර දේව මංගල්‍ය වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව දිගින් දිගටම තම ධීවරයන්ව සහ ධීවර යාත්‍රාවන්ද අත්අඩංගුවට ගන්නා බවට චෝදනා කර සිටින රාමේස්වරම් ධීවරයන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙම කටයුත්තට විරෝධය පළ කිරීමේ අයුරින් මෙවර කච්චතිව් දේව මංගල්‍යට සහභාගි නොවන බව පවසා තිබේ.

ලබන 11 සහ 12 වනදා කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මංගල්‍ය පැවැත්වීමට නියමිතය. අත්අඩංගුවට පත්වී සිටින තමිල්නාඩු ධීවරයන්ව නිදහස් කරන්නැයි ඉල්ලා හෙට දින සිට දින නියමයක් නොමැති විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද ඔවුන් තීරණය කර තිබේ.