SPORTS

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (07) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයින් කිහිප දෙනෙකු නොමැතිව ආරම්භ වන ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශයට සුවිශේෂී කඩඉමක් වේ. මේ දක්වා ශ්‍රී ලංකාව සමග පැවැති කිසිදු ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම නොහැකි විය.  බංග්ලාදේශ නායකයා මෙම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තම කණ්ඩායමට හැකියාවක් පවතින බව ප්‍රකාශ කර තිබිණි.

විශේෂයෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයට පෙර පැවැති ටෙස්ට් තරගාවලිවලදී ප්‍රබල ටෙස්ට් කණ්ඩයම්වලට එරෙහිව දක්ෂතා අතරට පැමිණි අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවද ඔවුන් සිය උපරිම දක්ෂතා දක්වා කෙසේ හෝ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට සූදානම් වේ. මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරග 16ක් පවත්වා ඇති අතර ඉන් 14ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන්ව තිබේ.