SRILANKAN NEWS

බැසිල්ට සහ තිරුකුමාර් නඩේසන්ට එරෙහිව අධිචෝදනා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

මෙම නඩුව ගොනුකර තිබුණේ, රුපියල් මිලියන 250ක මුදලකට ගම්පහ මල්වානේ පිහිටි නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මුදල් විශුද්ධිකරණය, ඊට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ බැසිල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කළ බව නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය.

newsfirst