SRILANKAN NEWS

මහින්ද සහ ගෝඨාබය වහාම අත්අඩංගුවට ගන්න – අතුරුදන්වූවන්ගේ ඥාතීන්

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ, ගෝඨාබය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලෙක්ම් ලෙස කටයුතු කල කාලයේදී තමයි අපගේ ඥාතීන් විශාල පිරිසක් අතුරුදන් කර තිබුණි. මෙය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුව ද ප්‍රසිද්ධියේ පවසා තිබේ.

එමෙන් මහින්ද සහ ගෝඨාබය වහාම අත්අඩංගුවට ගෙන භාරදීමෙන් අනතුරුව, පැහැරගෙන යෑමට ලක්වී අතුරුදන්වූවන්ට සිදුවූ දැය කුමක් දැයි වත්මන් රජය පරික්‍ෂණවලින් හෙළිකළ යුතුයි. අපරාධකරුවන්ට දඞුවම් ලබාදිය යුතු යැයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ.

අතුරුදන්වූවන්, පැහැරගෙන යෑමට ලක්වූවන් අතර බොහෝ පිරිසක් එදින ඝාතනය කර තිබිය හැක, මහින්ද පාලන සමයේ සිඳුවූ ඝාතන සහ පැහැරගෙන යෑම් සියල්ල ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කාර්‍යාලයෙහි නියෝගය යටතේ සිදුකර තිබේ.

මෙය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ විසින් මෙහෙයවා ඇති බවට කොලඹ පැවැති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා පවසා තිබේ. එමෙන්, මහින්ද සහ ගෝඨාබයට එරෙහිව වත්මන් රජය නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන සිටින්නේ ඇයි දැයි ඔවුන් ප්‍රශ්ණ කර තිබේ.

භාරදීමෙන් අනතුරුව, පැහැරගෙන යෑමට ලක්වී අතුරුදන්වූවන් සොයා දෙන ලෙසත්, ඔවුන් පිළිබඳ සත්‍යතාවය හෙළිකරන ලෙසත් අවධාරණය කර උතුරු පළාතේ විරෝධතා ව්‍යාපාර උග්‍රවී තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අද 27වන දිනටත්, වව්නියාව දිස්ත්‍රික්කයේ 23වන දිනටත්, මුල්ලතිව් දිස්ත්‍රික්කයේ 11වන දිනටත් යාපනය දිස්ත්‍රික්කයේ 4 වන දිනටත් විරෝධතා ව්‍යාපාරය පැවැතියි.

මෙම විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්, අතුරුදන්වූවන් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? ජීවතුන් අතර සිටිනවා නම් ඔවුන් සිටින්නේ කොහෙද? නැතිනම් ඔවුන්ට සිඳුවුයේ කුමක් ද? යන ප්‍රශ්ණවලට රජය පිළිතුරු ලබාදිය යුතු යැයි ඉල්ලා සිටිති