SRILANKAN NEWS

එ.ජා. සංවිධානය ශ්‍රී ලංකාවට කල් දිගුවක් ලබාදීම වැරදියි – විග්නේෂ්වරන්

ශ්‍රී ලංකාවට කල් දිගුවක් ලබාදීම වැරදි ක්‍රියාවක් බවත්, මෙතෙක් කාලයක් සිදු කළ කටයුතුවලින් ජනතාවට ඇති වූ යහපත කුමක් දැයි අවධානය යොමු කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පවසයි.

ශ්‍රී ලංකා රජයට කොන්දේසි සහිත කල් දිගුවක් ලබාදිය යුතු යැයි වව්නියාවේ පැවැති දෙමළ ජාතික සන්ධානයේ රැස්වීමකදී ගත් තීරණය ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

එවැනි අදහසක් ඇමරිකානු තානාපතිවරයා ද තමන්ට පැවැසූ බවත්, එය ගැන තමන්ට කිසිවක් පැවැසීමට නොහැකි නමුත් කල් දිගුවක් ලබාදීම වැරදි ක්‍රියාවක් බව තම මතය බවත්, හේතුව මෙතෙක් කාලයක් සිදු කළ කටයුතුවලින් ජනතාව ඇති වූ යහපත කුමක් දැයි අපි දැනගත යුතු බව හෙතෙම පැවැසීය.

උදාහරණයක් ලෙස, අතුරුදන්වූවන්ගේ කාර්‍යාලයක් පිහිටුවන බවත් එහි වැඩ කටයුතු සිදුවන බවට පවසා තිබුණි. නමුත් එයින් කිසිඳුවක් සිදුවුයේ නැහැ, එය හුදෙක් ලියකියවිල්ලකට පමණක් සීමාවී තිබේ.

අද දක්වා ජනතාවට ලැබුණු දේවල් කුමක් දැයි ජාත්‍යන්තර රටවල් දැනගත යුතුයි. එය ගැන සොයා බැලිය යුතුයි. එසේ නොකර යම්කිසි දේශපාලන හේතුවක් නිසා තවත් වසර දෙකක කල් දිගුවක් ලබාදිය යුතු යැයි පැවැසීම නිවැරදි ක්‍රියාවක් යැයි නොසිතමි.

මෙය මගේ මතයයි, දෙමළ ජාතික සන්ධාන නායකත්වය වෙනත් අදහසකින් සිටියි එනම් එලෙස කල් දිගුවක් ලබාදෙන කාලය තුළ නිරීක්‍ෂණ ක්‍රමවේදයක් සිදුකළ යුතු යැයි ඔවුහු පවසති. නමුත් මට එය පිළිගත නොහැක. හේතුව මෙතෙක් සිදුවූ කටයුතුවලින් ජනතාවට ලැබී ඇති දැය කුමක් ද යැයි සොයා බලා එතැන් සිට ඉදිරියට යා යුතු බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.