WORLD NEWS

චැනල් 4 නාළිකාවේ චිත්‍රපටය මැලේසියාවේ තිරගත කළ මානව හිමිකම් ක්‍රියාකාරිනියට දඞුවම්

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව නිපදවූ ‘නෝ ෆයර් සෝන් – කිලිං ෆීල්ඩ් ඔෆ් ශ්‍රී ලංකා’ (No fire zone – Killing field of Sri Lanka) චිත්‍රපටය මැ‍ලේසියානු නීති උල්ලංඝනය කරමින් ප්‍රදර්ශනය කිරීමේ වරදට එරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලීනා රාසාත්ති හෙන්රිට මැලේසියානු අධිකරණය විසින් රින්කිට් 10 දාහක දඩයක් නියම කර තිබේ.

චැනල් 4 නාළිකාව නිපදවූ ඉකුත් චිත්‍රපටය තිරගත කිරීමේ චෝදනා මත පසුගිය 2013 වසරේ ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි. මැ‍ලේසියාවේ චිත්‍රපට වාරණ මණ්ඩලයේ අනුමැතියකින් තොරව චනල් 4 චිත්‍රපටය තිරගත කිරීම සම්බන්‍ධයෙන් ඇයට එරෙහිව නඩු පවරා තිබූ අතර, පසුගිය පෙබරවාරි 21 වනදා ඇය වැරදිකාරිය බවට තීන්දු කර තිබුණි. දඩ මුදල ගෙවීම පැහැර හැරියේ නම් වසරක සිරදඬුවමක් ලබාදීමට ද අධිකරණය නියෝග කර තිබේ.