SRILANKAN NEWS

ඉදිරි සති කීපය තුළ ජනපති විසින් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිතයි –

ඉදිරි සති කීපය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාන හා ආර්ථික වශයෙන් වැදගත් තීන්දු තීරණ කීපයක් ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම තීන්දු තීරණයන් හේතුවෙන් යම් යම් අයට හිත් රිදවීම් ඇති විය හැකි බවද ඇමතිවරයා අද (23) මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

ජනාධිපතිවරයා මෙම තීන්දු තීරණ ගනු ලබන්නේ දේශපාලන තීරණ පමණක් නොව රටේ ආර්ථික නිවැරදි දිසාවට ගැනීමේ තීන්දුවක් විය හැකි බවද ඇමතිවරයා මෙහිදි සඳහන් කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත මේ වන විට හොඳින් සංවිධානය වී තිබෙන බවත් එම පෙරමුණේ සම්මේලනය ලබන 2දා පැවැත් වීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා මෙහිදී අවදාරණය කළේය.

තවද තරුණ පෙරමුණ වෙනුවෙන් අධ්‍යයන ඒකකයක් පිහිටුවා පිරිසිදු දේශපාලනය තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් රට තුල පිරිසිදු දේශපාලනය ඇති කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලා‍පොරොත්තුව බවද ඇමති ලක්ෂ්මන් යාපා මහතා මෙහිදී අවදාරණය කළේය.