SRILANKAN NEWS

අපරාධකරුවන් රැගෙන යෑම සඳහා බන්‍ධනාගාරයට වෙඩි නොවැදින බස් රථයක්

බන්ධනාගාරගතව සිටින දරුණු ගණයේ අපරාධකරුවන් ප්‍රවාහනය සඳහා වෙඩි නොවදින බස් රථයක් නිර්මාණය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාරගතවන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයමින් සිටියදී පසුගිය කාලයේ අවස්තා කිහිපයකදීම බන්ධනාගාර බස්රථවලට වෙඩි තැබීම් ගණනාවක්ම වාර්තා වූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් මෙන්න සැකකරුවන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් වූහ.

එයට පිළියමක් ලෙස කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී ආර්. ඩබ්ලිව්. යූ. ඩී. එම් සම්ප්‍රයෝ මහතාගේ සංකල්පයක් අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන ලද බස්‌ රථයක්‌ තාක්‍ෂණය යොදා ගනිමින් වෙඩි නොවදින ආරක්‍ෂිත බස්‌ රථයක්‌ නිර්මාණය කර තිබේ.

මෙවැනි බස් රථයක් විදේශයකින් ආනයනය කළේ නම් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය වන බවත් මෙම බස් රථය නවීකරණය කිරීම සඳහා වැයවූයේ රුපියල් ලක්ෂ 7ක මුදලක් බවත් වාර්තා වේ.