SRILANKAN NEWS

තෙදින රුසියානු සංචාරය නිම කළ ජනපති යළි දිවයිනට

රුසියාවේ තෙදින නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.

වසර 43ක ට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින්ම සිදුකළ විශේෂ නිල ආරාධනයක් පරිදි මෙම සංචාරයට එක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ඉහළම ගෞරවයක් ලබාදීම වෙනුවෙන් රුසියානු රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි.

ජනාධිපතිතුමාගේ සංචාරය අතරතුර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදේව් යන මහත්වරු සමග ද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්විය. දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබිණි.

ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වී පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන් හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රුසියානු නිල සංචාරයට ගෞරවයක් වශයෙන් විශේෂ සැමරුම් උත්සවයක් රුසියාවේ Ritz Carlton හෝටලයේදී සංවිධානය කර තිබූ අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් විය.