SRILANKAN NEWS

මගේ දේශපාලන ජීවිතය අවුල් කළේ බැසිල්…

තමන්ගේ මුළු දේශපාලන ජීවිතයම අවුල් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග සිටි මිනිසුන්ට හිරිහැර කළ බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සතිඅන්ත පුවත්පතක් සමග සම්මුඛ සාක්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ඉල්ලීමට අවස්ථාවක් ලබා ගැනීමට ෆීලික්ස් පෙරේරා මහතා විසින් තමන්ව බැසිල් රාජපක්ෂ මහතා හමුවට ගෙනයාමට උත්සාහ කළ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළබවත් මර්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා දක්වන අදහස්…

“ඔබ මහින්ද මහත්තයාගේ සහෝදරයන්ට බැන්නා?

මට වැරදි කරපු අයට නොබැන සුදු හුණු ගාන්නද කියන්නේ බැසිල් රාජපක්ෂ මගේ මුළු දේශපාලන ජීවිතයම අවුල් කළා. ගෝඨාභය කියන්නේ මාත් එක්ක හිටපු අයට හිරිහැර කළ අයෙක්. බේරුවේ මහින්ද මහත්තය.”

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සුදුවෑන් පැහැරගැනීම් සම්බන්ධ සාක්ෂි සහිත ලිපිගොනු කිහිපයක්ද සමග මොහු විසින් පැමිණිල්ලක්ද ගොනු කර තිබිණි.

0 lankatruth