SRILANKAN NEWS

කුමන බලපෑම් ආවත් නැගෙනහිර පළාතේ මත් පැන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට ඉඩ දෙන්නේ නෑ – මහ ඇමැති

කුමන මට්ටමකින් බලපෑම් ආවත් නැගෙනහිර පළාත තුළ මත් පැන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට ඉඩ නොදෙන බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසිර් අහ්මද් මහතා පවසයි.

දැනටමත් නැගෙනහිර පළාතේ මත් ද්‍රව්‍ය භාවිතාව ඉහළ ගොස් තිබෙන අවස්ථාවක අප තරුණ පරපුරේ අනාගතය දෑස් ඉදිරියේදීම විනාශයට පත්වන විට එය ගැන නොසැලකිල්ලෙන් බලා සිටීමට සූදානම් නැති බව හෙතෙම පවසා තිබේ.

නැගෙනහිර පළාත මත් ද්‍රව්‍යවලින් තොර පළාතක් ලෙස පත්කිරීමේ අරමුණින් මෙම වසරේ ආරම්භයේ සිටම විවිද කටයුතු ක්‍රියාත්මක කළ බවත්, මෙවැනි තත්වයකදී කල්කුඩා ප්‍රදේශයේදී මත්පැන් ස්කාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, එයට කිසිසේත්ම ඉඩ නොදෙන බව ද හෙතෙම පවසා තිබේ.

තවද මේ සම්බන්‍ධයෙන් ඉහළ මට්ටමින් බලපෑම් එල්ලවිය හැකි බවත්, කෙසේ නමුත් මොන තත්වයක් ඇතිවුනත් එම මත්පැන් ස්කාගාරය නැගෙනහිර පළාතේ ඉදිකිරීමට ඉඩ නොදෙන බව මහ ඇමැතිවරයා පවසා තිබේ.