SRILANKAN NEWS

මැයි 15ට පෙර කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් අක්කර 279ක් නිදහස් කරනු ලැබේ..

මුල්ලතිව්, කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් අක්කර 279ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව නැවත පදිංචි කිරීමේ ඇමැති ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි. ලබන මැයි 15වනදාට ඉකුත් ඉඩම් නිදහස් කරන බව අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයකදී සඳහන් කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සහ නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව කේප්පාපිලවු ප්‍රදේශයේ අක්කර 248ක රාජ්‍ය ඉඩම් ද සීනියාමෝට්ටයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 31ක්ද නිදහස් කිරීමට නියමිතය.

මේ අතර, මාසයක් තුළ පෞද්ගලික ඉඩම් අක්කර 198ක් ඇතුලත්ව ඉඩම් අක්කර 468ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පවසා තිබේ.