SPORTS

බංගලදේශය සමග පැවැති පළමු විස්සයි විස්ස ජය ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති පළමු පන්දුවාර විස්සයි 20 තරගයෙන් කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ ප‍්‍රථමයට පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, එහිදී මොසඩැක් හුසේන් නොදැවී ලකුණු 34ක් ලබාගත්තේය. ලසිත් මාලිංග පන්දුවාර 4කදී ලකුණු 38ට කඩුලු 2ක් රැස් කළේ ය.

ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවි නියමිත ඉලක්කය පසු කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 53කදී හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය. නායක උපුල් තරංග ලකුණු 24ක් හා අසේල ගුණරත්න ලකුණු 17ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි