INDIAN NEWS

ඉන්දු – පාකිස්ථාන ප්‍රශ්ණයට ඇමරිකාව ඉදිරිපත් කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්‍ෂේප කරයි..

ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කිරීමේදී ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය සහභාගිවීමට කැමැත්තෙන් සිටින බවට එක්සත් ජාතීන් සංවිධානය සඳහා වූ ඇමරිකානු තානාපති නික්කි හාලි කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඉන්දියාව – පාකිස්ථානය අතරවූ ප්‍රශ්ණයේදී ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය නැති පරිසරයකදී විසඳුමක් ලබාගත යුතුයි යන ඉන්දියාවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් නොමැති බව පවසා තිබෙන ඉන්දිය විදේශ කටයුතු මාධ්‍ය සම්බන්‍ධිකාරක ගෝපාල් පාක්ලේ, මෙම කලාපයේ සාමයට හා පැවැත්මට පාකිස්ථානය දිගින් දිගටම තර්ජනයක් ලෙස පවතින බවත්, පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව සහ සංවිධාන එරටට කෙරෙහි ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කළ යුතුයි යන්න ඉන්දියාවේ බලාපොරොත්තුව බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.