WORLD NEWS

මලාලාට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය

ළමා අයිතිවාසිකම් හා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගූ මලාලා යූසුප් සායි හට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය ලබා දී තිබෙනවා. 19 හැවිරිදි ඇය කැනඩා රජය මගින් ගෞරවනීය පුරවැසිභාවය ලබා දුන් හයවන පුද්ගලයා ලෙසයි හැදින්වෙන්නේ. මීට පෙර මෙම ගෞරවනීය පුරවැසිභාවය නෙල්සන් මැන්ඩෙලා, අවුන්සාන් සුකී, දාහතරවන දලයි ලාමාතුමා වැනි සුවිශේෂී නායකයින් කිහිප දෙනෙකුට පමණක් හිමි වුණා.