SRILANKAN NEWS

විෂ එන්නත් ගැන හොයන්න වෛද්‍ය කමිටුවක්

news_CIපුනුරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සදහා විමර්ශන කිරිමට පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් පත් කිරිමට උතුරු පළාත් සභාව සැලසුම් කර තිබේ.

මීට අදාළ සාකච්ඡාවක් උතුරු පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සමග පවත්වා ඇති බව වාර්තා වේ.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතාගේ උපදෙස් මත මේ කමිටුව පත් කිරිමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

මේ අතර පුනුරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පූර්ණ වෛද්‍ය පරික්ෂණයකට ලක් කරන ලෙස උතුරු පළාත් සභාව සිදු කළ ඉල්ලීම යාපනයට පැමිණ සිටින අමෙරිකානු වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ උපදෙස් මත හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් එම වෛද්‍ය කණ්ඩායම හමුවට ඉදිරිපත් කළ බව වාර්තා වේ.

එහෙත් තමන්හට මෙම පරික්ෂණ සිදු කළ නොහැකි බව එම වෛද්‍යවරුන් පවසා තිබේ.

මෙවැනි වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සදහා අවශ්‍ය පහසුකම් තම කණ්ඩායම සතුව නොමැති බව එම වෛද්‍යවරුන් පෙන්වාදී තිබේ.