WORLD NEWS

ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියා කලාපයේ නිල සංචාරයකට සූදානමින්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එළඹෙන නොවැම්බර් මාසයේ දී ආසියා කලාපයේ නිල සංචාරයකට සහභාගී විමට නියමිත බව වාර්තා වේ.

පිලිපීනයේ පැවැත්වීමට නියමිත අග්නිදිග ආසියා ජාතීන්ගේ සමුළුව, නැගෙනහිර ආසියා සමුළුව සහ වියට්නාමයේ පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුව යන සමුළු සදහා ඇමෙරිකා ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බව දැනට ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු උප ජනාධිපති මයික් ප්‍රෙන්ස් මහතා පවසා තිබේ.

දකුණු චීන මුහුදේ ආරක්ෂක වෙළෙද හා නාවික කටයුතු පිළිබදව ආසියා සංගමය සමග සහයෝගීතාව ගොඩනගා ගැනීමට ට්‍රම්ප් පාලනය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ