SRILANKAN NEWS

ඉන්දු – ලංකා පාලම ගැන ඉහළ මට්ටමෙන් සාකච්ඡා

– Global Tamil News –

ඉන්දු - ලංකා පාලම ගැන ඉහළ මට්ටමෙන් සාකච්ඡා

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලම ඉදිකිරීම සම්බන්‍ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, කබීර් හෂීම් මහතා පවසා තිබේ.

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සමගාමීව පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් හෙතෙම මේ බව පවසා තිබේ.

තලෛයිමන්නාරම හා ධනුෂ්කොඩිය අතර පාලමක් ඉදිකොට දෙරට යා කිරීමෙන් දෙරට අතර ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු සිදුකරන බවත් ඉන්දු-ලංකා පාලම ඉදිකිරීම සම්බන්‍ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවන් ආරම්භ කර තිබෙන බව හෙතෙම පවසා තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –