SRILANKAN NEWS

ඉන්දියාවේ නාවික පුහුණු කටයුතුවල යෙදී සිටි ලාංකික සෙබළෙකු මරුට..

ඉන්දියාවේ නාවික පුහුණුවක් අතරතුර ශ්‍රී ලාංකික නාවික හමුදා සෙබළෙකු මිය ගොස් තිබේ.

නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් චමින්ද වළාකුලුගේ මහතා සඳහන් කළේ, කොචින් වරාය ආශ්‍රිත කිමිදුම් පුහුණුවක නිරත වෙමින් සිටියදී ඊයේ ඔහු මිය ගොස් ඇති බව ය.

39 හැවිරිදි ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයි. පි.එන්. ආර්. වීරසිංහ නැමැති දෙදරු පියෙකි. මිය ගිය නාවිකයාගේ සිරුර හෙට දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිත ය.

අදාළ පුහුණුව සඳහා තවත් ශ්‍රී ලාංකික නාවිකයින් 3 දෙනෙකු පසුගිය 3 වන දා කොචින් වෙත ගොස් තිබේ.