ARTICLES

මව්වරුන් කඳුළු සලන රටක් – ග්ලෝබල් දෙමළ පුවත්

අද ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයයි. මව්වරුන් කඳුළු සලන රටක් ලෙස අද ශ්‍රී ලංකාව පත්ව ඇත. මව්වරුන් දුක් කඳුලින් සිටින රටක දේශපාලනය හා මානව අයිතිවාසිකම් තත්වය ගැන වටහා ගැනීම අපහසු දෙයක් නොවේ. කඳුළු සලන මව්වරුන් බොහෝ දෙනෙකුව මා දැක තිබෙනවා. මව්වරුන්ගේ දිනය වන අද දින, මගේ මතකයට එන්නේ කඳුළු සලමින් සිටින එම මව්වරුන්ය, තම අතුරුදහන්වූ දරුවන්ගේ ඡායාරූප රැගෙන එම මව්වරුන් කඳුළු සලමින් සිටිති.

ආරුමුහම් සෙල්ලම්මා පූනගරි ප්‍රදේශයේ පදිංචි මවක්. අතුරුදහන් වූ තම දරුවා කවදා හෝ යළි නිවසට පැමිණෙයි යන සතුට තම සිත්තුල මවාගත් මවකි. ඇයි අඞන්නේ? එයයි ඇයගේ ප්‍රශ්ණයවේ. ශ්‍රී ලංකා රජයේ පොරොන්දුව මත ශ්‍රී ලංකා හමුදාව වෙත භාරදුන් අපගේ දරුවන්ව නැවැත ලබාදීම රජයෙහි වගකීමකි. එමෙන් ශ්‍රී ලංකා රජය තම දරුවාව යළි ලබාදිය යුතු යැයි සෙල්ලම්මා ඉල්ලා සිටිනවා.

අතුරුදහන්වූ දරුවා යැයි සඳහන් කිරීමට අකමැත්ත පළ කරන සෙල්ලම්මා, මගේ පුතා අතුරුදහන්වූ පුද්ගලයෙකු යැයි ශ්‍රී ලංකා රජයට කිසිසේත්ම පැවැසිය නොහැකි බව පවසයි. භාරදුන් දරුවා අතුරුදහන්වුයේ කොහමද? ඇයගේ ප්‍රශ්ණයට ශ්‍රී ලංකා රජය මෙතෙක් පිළිතුරු ලබාදී නැහැ. අතුරුදහන් කළ පුද්ගලයන්ගේ නිවස්වල එම දරුවන් ගැන කථාබහ කරන අතර, සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ සිතුවිල්ල එම දරුවන් ගැනය, ඔනෑම අවස්ථාවක දී ඔවුන් නැවත නිවසට පැමිණෙයි යන බලාපොරොත්තුව මත ජීවත්වෙමින් සිටිති.

යුද්දය අවසානයේදී තම ඇඳුම් බෑගය මව වෙත ලබාදී තමන් භාරවීමට යන බව පවසා ගිය ගෝපිනාත්, මගේ පුතා ගියේ කොහේද? පුතා යළි එන්නේ කවදාද? යැයි හැඞු කඳුලින් යුතුව ගෝපිනාත්ගේ මව වාසුකි ජීවත්වෙයි. වේදනාකාරි ජීවිතයක් ගත කරන එම මව්වරුන්ගේ කඳුළුවලට වගකිව යුත්තන් කව්රුන් ද?

ශ්‍රී ලංකාවේ නව රජයත් දෙමළ මව්වරුන්ගේ කඳුළු පිස දැමීමට ඉදිරිපත්වුයේ නැහැ නේද? අකාලයේ උදුරාගත්, පැහැරගෙන ගිය, අතුරුදහන් කළ දරුවන් ගැන මෙම රජය පවසන්නේ කුමක්ද? මේ සම්බන්‍ධයෙන් නව රජය නිහඞතාවයක් අනුගමනය කරන්නේ ඇයි? යාපනය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි ජෙයකලා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදන් වූ තම පුතාගේ ඡායාරූපය තබාගෙන කඳුළු සලමින් සිටියි. අත්අඩංගුවට ගත් තම පුතා බූස්ස බන්‍ධනාගාරයේ ජීවතුන් අතර සිටින ඡායාරූපයක් සාක්‍ෂියක් ලෙස පෙන්වමින් එම මව තම පුතා වෙනුවෙන් සටන් කරමින් සිටියි.

හමුදාව විසින් අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගතකර සිටි මගේ පුතා කොහේද? යැයි ප්‍රශ්ණ කර සිටින එම මවට ශ්‍රී ලංකා රජය පිළිතුරු දිය යුතුයි. මෙලෙස මව්වරුන් කොපමණ දෙනෙකු කඳුළු සලමින් සිටින්නේද? මෙම දිනය මව්වරුන්ගේ කඳුළු පිස දැමීමට කටයුතු ආරම්භ කිරීම තමයි මව්වරුන්ට අප විසින් කළ යුතු යුතුකමවේ. පාලකයන් සහ නායකයන් මේ සඳහා යහපත් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි ද?

මව්වරුන් කඳුළු සලස රටක අනන්‍යතාවය යනු කුමක් ද? මව්වරුන් කඳුළු සලන්නේ මානව හිමිකම් නැති, අපරාධ ක්‍රියාවන් වැඩි වශයෙන් සිදුවන, අයුක්තිය අසාධාරණය ව්‍යාප්තවූ රටකය. ඝාතනයට පත්කළ, අසාධාරණය ලක්වූ මව්වරුන්ගේ කඳුළු සාමාන්‍ය දෙයක් නොවේ. එම කඳුළු ශක්තිමත්ය, ඊළාම් මව්වරුන්ගේ කඳුළුවල යථාර්තය ලොවම වටහාගත යුතුයි.

GLOBAL TAMIL NEWS – SINHALA