WORLD NEWS

බැරැක් ඔබාමාගෙන් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක තනතුරට පත්කර ඇති මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් බැරැක් ඔබාමා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇති බව ධවල මන්දිරය නිවේදනය කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය නොවැම්බර්හි පැවති එරට ජනාධිපතිවරණයෙන් අනතුරුව ට්‍රම්ප් හා ඔබාමා අතර පැවති සාකච්ඡාවේදී ද ඔබාමා මෙලෙස ෆ්ලින් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම සිදුකර ඇති බව ය.

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා වන මයිකල් ෆ්ලින් රුසියාව සමග සබඳතා පවත්වන බවට ඔබාමා පාර්ශවය පෙන්වා දෙයි.

පසුගිය සඳුදා සෙනෙට් මණ්ඩලය විසින් ෆ්ලින් සම්බන්ධතා පැවැත්වූ රුසියානු නියෝජිතයින් සම්බන්ධයෙන් තොරතුරු විමසනු ලැබූ අතර ෆ්ලින් සබඳතා පැවැත්වූ අදාළ නියෝජිතයින් සෙනෙට් මණ්ඩලයේ සාමාජිකයින්ට තර්ජනක් විය හැකි බව ට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර බැරැක් ඔබාමා අමෙරිකාවේ ජනාධිපති ධූරය දැරූ සමයේ මයිකල් ෆ්ලින් එරට ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ පරිපාලනයේ ඇති දුර්වලතා හේතුවෙන් 2014 වසරේදී ඔහු සේවයෙන් ඉවත් කර තිබේ.

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක වැනි ඉහළ තනතුරු සඳහා මයිකල් ෆ්ලින් නුසුදුසු පුද්ගලයෙකු බව බැරැක් ඔබාමා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.