SRILANKAN NEWS

කේප්පාපිලවු ඉඩම් නිදහස් කිරීමට හමුදා ඉල්ලා සිටි මුදල ලබා දුන්නා – කඩිනමින් ඉඩම් නිදහස් කරනු ලැබේ..

කේප්පාපිලවු හමුදා කඳවුර වෙනත් ස්ථානයක ඉදිකිරීම සඳහා හමුදාව විසින් ඉල්ලා තිබූ රුපියල් මිලියන 5ක මුදල ආරක්‍ෂක අමාත්‍යංශයට භාරදී ඇති බව බන්‍ධනාගාර හා නැවැත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාාත්‍යවරයා මේ බව පවසා තිබේ.

උතුර නැගෙනහිර පිහිටි ඉඩම් නිදහස් කිරීම පිළිබඳව මෑතකදී පැවැති සාකච්ඡාවකදී ඉකුත් හමුදා කඳවුර ඉවත් කර ගැනීමට රුපියල් මිලියන 5ක මුදලක් හමුදාව විසින් ඉල්ලා තිබූ බවත්, ඒ අනුව එම මුදල ලබාදී ඇති හෙයින් ඉදිරි දිනක කේප්පාපිලවු ඉඩම් නිදහස් කිරීමට නියමිත බව හෙතෙම පවසා තිබේ.

තවද කඩිනමින් ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත්, පෙර සඳහන් කළ පරිදි මුල්ලිකුලම් ඉඩම් ද මේ වන විට නිදහස් කර ඇති බව ද ස්වාමිනාදන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.