SPORTS

තෙවැනි එක්දින තරඟයෙන් ඔස්ට්‍රේලියාවට ජය

Sri Lanka VS Australiaශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (28) පැවැති තෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ ලකුණු 226ක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව කඩුලු 2ක ජයක් හිමිකර ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දුවාර 49.2කදී සියල්ලන් දැවී ලබා ගත් ලකුණු 226ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව කඩුළු 08ක් පමණක් දැවී ලකුණු 227ක් ලබා ගනිමින් තරඟය ජයගත්තේ පන්දු වාර 46කදීය.

මෙම තරඟයේදී ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ජෝජ් බේලි ලකුණු 70ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු 102 ක්ද ලබා ගත්තේය. මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගමාලාවේ 2 – 1කින් ඔස්ට්‍රේලියාව පෙරමුණට පිවිසියේය.

සිය අවසන් එක්දින ක්‍රිකට් තරඟයට සහභාගි වූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 42ක් ලබාගත් අතර, මෙය ඔහුගේ අවසන් තරඟය හේතුවෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.