SRILANKAN NEWS

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට කටයුතු කරන ආකාරයට අපගේ ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් කටයුතු කරන්න එපා – ඉරණයිතීව් ජනතාව

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට කටයුතු කරන ආකාරයට අපගේ ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් කටයුතු නොකරන්නැයි ඉරණතීව් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලා තිබේ. කිලිනොච්චියදී අද 21 වන දිනටත් සත්‍යග්‍රහය පවත්වාගෙන යන ඉරණයිතීව් ජනතාව මෙලෙස පවසා තිබේ.

තම ඉඩම්වලට යෑම සඳහා අදට දින 21ක් තිස්සේ සත්‍යග්‍රහයේ නිරතව සිටින එම ජනතාව, තම ඉඩම්වලට යෑමට අවසර ලැබෙන තෙක් සිය සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යන බව පවසා තිබේ.

ඊයේ (20) දින තම ආරාධනාවක් මත ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා ඉරණයිතීව් ප්‍රදේශයට පැමිණ මෙහි තත්වය ගැන සොයා බලා සුදුසු විසඳුමක් ලබා දෙනු ඇති බවත්, යහපාලන රජය ක්‍රමක් ක්‍රමයෙන් ජනතාවගේ ඉඩම් නිදහස් කරමින් සිටින බැවින් විශ්වාසයෙන් යුතුව සිටින ලෙස පාර්ලිමෛන්තු මන්ත්‍රීවරයෙකු මෙහි පැමිණ පවසා සිටියා.. නමුත් එවැනි කිසිඳු දෙයක් සිදුවුයේ නැහැ, මෙවැනි තත්වයකදී අමාත්‍යවරයා වෙනත් දිනක පැමිණෙන බව කතෝලික පියතුමාවරයෙකු මඟින් දැනුම් දී ඇති බව පවසා තිබුණි. මෙවැනි කටයුතුවලින් අපි රැවටීමට පත්වී සිටින බවද එම ජනතාව පවසා තිබේ.

එමෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව දැන් මහ පාරේ අත්හැර තිබෙන ආකාරයට අපගේ ප්‍රශ්ණයදීද කටයුතු නොකරන ලෙස ඉරණයිතීව් ජනතාව පවසා තිබේ.

1992 වසරේ අපගේ ඉඩම්වලින් අවතැන්ව ගොස් අදටත් ඉරණයිමාතා නගර් ඇතුළු විවිද ප්‍රදේශවල පවුල් 340කට වැඩි ජනතාව අවතැන් ජීවිතයක් ගත කරමින් සිටිනවා, අපගේ ඉඩම්වලට ගොස් එහි රැකියාවක් කරගෙන යෑමට අවසර ඉල්ලා මෙලෙස සත්‍යග්‍රහයක නිරතව සිටින්නෙමු, එය ඉටුවනතෙක් අපගේ සත්‍යග්‍රහය පවත්වාගෙන යන්නෙමු යැයි එම ජනතාව වැඩිදුරටත් පවසා තිබේ.