SRILANKAN NEWS

වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 24ක සංකේත වැඩවර්ජනය මේ වනවිට ආරම්භ කර තිබේ.

  1. සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට රජය විසින් මිලේච්ඡ ලෙස පහර දී තුවාල සිදු කිරීම හා අත් අඩංගුවට ගැනීම,
  2. වෛද්‍ය සභාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම,
  3. සයිටම් ආයතනයේ හිටපු විධායක නිලධාරියා හා සම්බන්ධ වෙඩි තැබීමේ ජවනිකාවට අදාල චූදිතයන් හට නීතිය ක‍්‍රියාත්මක නොකිරීම,
  4. වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළවෙළ,
  5. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සයිටම් ආයතනයේ පරිහරණය සඳහා රජයේ රෝහල් භාවිතා කිරීමට අවසර දීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අල්ලස් හා දුෂණ කොමිසමට සහ පොලීසියට කළ පැමිණිලිවලට අදාලව විධිමත් පරීක්ෂණයක් නොකිරීම, යන කරුණු මුල් කරගනිමින් මෙම වරජනය ක්‍රියාත්මක කෙරේ.

මේ අතර මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් හා වකුගඩු ප්‍රතිකාර ඒකකවල වර්ජනය ක්‍රියාත්මක නොකිරීමටත් අද දින වැඩවර්ජනයේ නියුතු වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවලින්ද වැලකී සිටීමටත් තීරණය කර තිබේ.