MUSLIMS SRILANKAN NEWS

රටතුල මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ප්‍රහාර ඉහළ යයි – මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ …

මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී ඇති බවට මුස්ලිම් ජනතාව ප්‍රකාශ කරන බව බිබිසි සිංහල සංදේශය වාර්තා කරනවා.පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වනවිට රට පුරා විවිධ ප්‍රදේශවල මෙවැනි ප්‍රහාර සහ උසිගැන්වීම් 15ක් වත් සිදු වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙන බවයි එහි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් බිබිසි පුවත් සේවය විසින් ජාතික භාෂා සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්ගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ , මෙය ආණ්ඩුවට එරෙහිව මුස්ලිම් ජනතාව උසිගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් බවයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අවුස්සා රටේ බෙදීම් ඇතිකිරීමේ උත්සාහයක් පවතින, බවත් අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් පවසා ඇත.

මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගැනීම ආණ්ඩුවේ වගකීම බව පිළිගන්නා අමාත්‍යවරයා, මෙම ප්‍රහාර මාලාව විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අනාගත මැතිවරණයකදී වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීම වැළැක්වීමේ ප්‍රයත්නයක් වශයෙන් බවද පවසා ඇත.

දැන් මුස්ලිම් ජනතාව අතර අපේ ආණ්ඩුවට අප්‍රසාදයක් ඇතිකරන්න උත්සාහ කරනවා.මුස්ලිම් ජනතාවගේ ඡන්දය තමන්ට ලබාගන්න බැරි වුනත් කමක් නෑ, ඡන්ද පොලට යන්නේ නැතුව හිටිය නම් අපිට දිනන්න පුළුවන් කියල ඒ අය ගණන් හදල තියෙනවා.”

මානව හිමිකම් නීතිවේදී ෂිරාස් නූර්දීන් රැස් කර තිබෙන තොරතුරු අනුව පසුගිය සති කිහිපය තුළ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන්ද එම පුවතේ තොරතුරු සදහන්.

අප්‍රේල් 16 – ගොඩපිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන හතරකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාර

අප්‍රේල් 17 – ගාල්ල කොටුවේ සුෆි ඉස්ලාම් සාන්තුවරයකුගේ සුසාන භූමිය කඩා බිඳ දැමීම

අප්‍රේල් 20 – අම්පාරේ ඉරක්කාමම් ප්‍රදේශයේ ඉඩමක අයිතිය සම්බන්ධයෙන් මුස්ලිම් සහ බෞද්ධ ජනතාව අතර උණුසුම් තත්වයක්

අප්‍රේල් 25 – ඉරක්කාමම් හි සංචාරය කළ භික්ෂූන් වහන්සේ පිරිසක් සුළු ජනවර්ගයකට එරෙහිව වෛරී භාෂාව භාවිත කළ බවට චෝදනා

මැයි 14 – පොළොන්නරුවේ ඔනේගම සංචාරයක යෙදුනු බෞද්ධ හිමිවරු මුස්ලිම් ජනතාවට තර්ජනය කළ බවට චෝදනා

මැයි 15 – පානදුරේ මුස්ලිම් පල්ලියකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්

මැයි 16 – වැල්ලම්පිටිය, කොහිලවත්තේ අල් ඉබ්‍රහිමියා පල්ලියට ප්‍රහාරයක්

මැයි 16 – ත්‍රිකුණාමලයේ සෙල්වනගර් හි මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවලට වෙඩි ප්‍රහාරයක්. බියට පත් මුස්ලිම් ජනතාව සිය නිවාසවලින් ඉවත්ව යති.

මැයි 17 – පානදුරේ මුස්ලිම් බේකරියකට සහ දුරකථන මධ්‍යස්ථානයකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්

මැයි 18 – වෙන්නප්පුවේ ව්‍යාපාරික ස්ථානයකට ගිනි තැබීම

මැයි 19 – මහනුවර මනරපිටියේ පල්ලියට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක්

මැයි 20 – ඇල්පිටියේ සාප්පුවක් ගිනි තැබීම

මැයි 21 – කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්

මැයි 22 – අම්පාරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස ව්‍යාපාරික ස්ථානයකට ගිනි තැබීම

මැයි 22 – මහරගම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගිනි තැබීම

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ,

මේ කිසිදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.