SRILANKAN NEWS

ඥානසාර හිමිට එරෙහි නඩුව යලි 31 වනදාට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 31 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.මෙම නඩුව අද(24) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මේ බව දැනුම් දී ඇත.

2016 01-25 දින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර එය නිමවී අධිකරණ ශාලාවෙන් ඉවතට පැමිණෙන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් තර්ජනය කර ඇත.

එක්නැලිගොඩ මහත්මිය එය අධිකරණයට දැනුම් දීමෙන් පසු අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලදී.අද(24) දින කැඳවන ලද්දේ එම නඩු විභාගයයි.