SRILANKAN NEWS

විපතට පත්වූවන්ට ඉන්දියාවෙන් සහනාධාර

ශ්‍රී ලංකාවේ පවතින ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් හා උපකරණ රැගත් නැව් දෙකක් මෙරටට  එවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

මෙම නෞකා දෙක එවනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුවය.

මෙහි ප්‍රථම නෞකාව හෙට (27) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වන අතර අනෙක් නැව අනිද්දා (28) පැමිණීමට නියමිතය.