SRILANKAN NEWS

අයහපත් කාලගුණය නිසා සිඳුවූ මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට…

දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා හටගෙන ඇති ගංවතුර හා නාය යෑම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) උදේ වන විට 164 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එයින් මරණ 71ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 53ක් ද වාර්තා වී තිබේ.

එම මධ්‍යස්ථානය සඳහන් කරන අන්දමට මේ වනවිට පවුල් 128586 කට අයත් පුද්ගලයින් 471542ක් අවතැන් වී ඇත. අවතැන් වූ ඔඅවුල් 18652කට අයත් 75236 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 336ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.